ගෝඨාභය සහ අනුර දෙන්නම සමාන බවට ප්‍රකාශයක්..

National Peoples Party Mahindananda Aluthgamage Anura Kumara Dissanayaka Gotabaya Rajapaksa Sri Lanka Podujana Peramuna
By Aruna Sep 30, 2024 07:10 AM GMT
Aruna

Aruna

Report

ජනාධිපතිවරණය අවසන් වූ විගස අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා මෑතකාලීනව ගත් තීරණ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණයෙන් පසු ගත් තීරණවලට සමාන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

“ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත් වූ විගස ඔහුත් ජනාධිපති කාර්යාලයට අයත් වාහන 993ක් අනෙකුත් දෙපාර්තමේන්තුවලට බෙදා දුන්නා.

අද මාතර නගරය කැළඹූ සිදුවීමක්..යුද හමුදාව විසින් මහත් පරිශ්‍රමයකින් බේරාගනී..

අද මාතර නගරය කැළඹූ සිදුවීමක්..යුද හමුදාව විසින් මහත් පරිශ්‍රමයකින් බේරාගනී..


දිවා විවේකයට වෙන් කරන කාලයත් අඩු කරලා, කිරි තේ වෙනුවට ප්ලේන් ටී දීලා, ජනාධිපති මන්දිරය වෙනුවට පුංචි ගෙදරක තමයි පදිංචි වෙලා හිටියේ” යැයි හිටපු මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

මහජනතාවගේ දැඩි අපේක්ෂාවන් මත රජයක් නිර්මාණය වුවද එවැනි රජයක් ඉදිරියට ගෙන යාම දුෂ්කර බව සඳහන් කළ මහින්දානන්ද අලුත්ගමගේ මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාට සිදුවූයේ එයම බව කියා සිටියේය.

ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කළ සියලු දෙනා සමඟ සන්ධානගත වෙමින් පුළුල් විපක්ෂයක් ගොඩනැගීමට කටයුතු කරමින් සිටින බවද හිටපු මන්ත්‍රීවරයා අනාවරණය කළේය.

ඉදිරි මහ මැතිවරණයට මුහුණ දීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නව සන්ධානය ක්‍රියාත්මක වන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

ජනප්‍රිය සිනමා නළු කමල් අද්දරආරච්චි පාර්ලිමේන්තුවට තරඟ කරන්න සූදානම් වෙයි..ඉදිරිපත් වන පැත්ත ගැන් ඉඟියක්.

ජනප්‍රිය සිනමා නළු කමල් අද්දරආරච්චි පාර්ලිමේන්තුවට තරඟ කරන්න සූදානම් වෙයි..ඉදිරිපත් වන පැත්ත ගැන් ඉඟියක්.


“රනිල් වික්‍රමසිංහ සන්ධානයේ ප්‍රධානියා වුවත් මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බවත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නොපැමිණෙන බවත් ඔහු දැනටමත් දන්වා ඇති බවද මහින්දානන්ද අලුත්ගමගේ මහතා වැඩිදුරටත් පැවසීය.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%