රියදුරු බල පත්‍රය පොලිසිය ගත්තොත් නඩු නැතිව ගන්න ක්‍රමයක්..කරන්න ගිය අයෙකුට සිදුවූ දේ..කවදාවත් මේදේ කරන්න එපා..

Police spokesman Sri Lanka Police Department of Prisons Sri Lanka Department of Motor Vehicles
By Aruna Feb 06, 2024 06:15 AM GMT
Aruna

Aruna

Report

බීමතින් රියපදවා හසු වී රියැදුරු බලපත්‍රය අත්හිටුවා තිබියදි තම රියැදුරු බලපත්‍රය නැතිවු බවට නැවත පොලිසියේ බොරු පැමිණිලි දැමු පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව හොරණ පොලිසිය පවසනවා.

බීමතින් රිය පදවා ඉංගිරිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගේ රියැදුරු බලපත්‍රය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අත්හිටුවා තිබියදී එම පුද්ගලයා විසින් තම රියැදුරු බලපත්‍රය නැති වූ බවට හොරණ පොලිසියේ පැමිණිල්ලක් සිදුකර ඇති, අතර ඒ පිළිබද විමර්ශන සිදුකළ නිලධාරීන් මෙය අසත්‍ය පැමිණිල්ලක් බවට අනවරණය කරගෙන ඇති බවයි පැවසෙන්නේ.

පසුව සැකකරු බොරු පැමිණිල්ලක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ, මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තිස්පස් හැවිරිදි වියේ පසු වන හොරණ පොලිස් වසමේ පදිංචි පුද්ගලයෙකු බවයි.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ReeCha