ෆේස්බුක් එකෙන් එකතු වෙලා ජයටම කරගෙන ගිය ෆේස්බුක් සාදය - කෙසෙල් කොල වලින් හෝටලයත් වහලා..

Sri Lanka Police Facebook Sri Lanka Sri Lanka Police Investigation Sri Lanka Social Media
By krishani Jun 25, 2023 01:13 AM GMT
krishani

krishani

Report

අවිස්සාවේල්ල - ගුරුගල්ල ප්‍රදේශයේ හෝටලයක් තුල පැවැත් වූ සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමගින් තරැණයන් 12 දෙනකු අත්අඩංගුවට ගත් බව සීතාවක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය සඳහන් කළේ ය.

ඒ මුහුණු පොතෙහි දැන්වීම් පළ කර සංවිධානය වූ සාදයක් ය.

විසි පහකට වැඩි පොලිස් නිළධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙම වැටලීම සිදුකර තිබෙනවා.

එම සාදය පැවැත් වූ හෝටලයට යන මාර්ග ගස් කපා දමා හරස් කර කෙසෙල් කොල යොදාගෙන හෝටලය නොපෙනන ලෙස වසා දමා මෙම සාදය පවත්වා තිබෙනවා.

සැකකරුවන් සතුව ගංජා යොදා සකස්කල දුම්වැටි 11ක්,හෝටලයේ හිමිකරු සතුව තිබී හෂීස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20 ක්, මත්පැන් බෝතල් 10 ක්, බියර් ටින් 22 ක් සහ බියර් බෝතල් 12 ක් සොයාගෙන ඇත.

සැකකරුවන් කහතුඩුව, බලංගොඩ, ඇහැලියගොඩ,අවිස්සාවේල්ල, ගුරුගල්ල ආදී ප්‍රදේශවල පදිංචි වයස අවුරැදු 18 ත් 26 ත් අතර තරැණයින් වේ.

ඔවුන් අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.