මුදල් විශුද්ධීකරණයට අදාළව සැකකාරියක් අත්අඩංගුවට

Report

 සැකකාරිය ඊයේ (15) දින සවස්කාලයේදී මන්නාරම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

 මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 66ක් වූ එම ප්‍රදේශයේම පදිංචිකාරියකි.

2019 වසරේ සිට 2023 වසර දක්වා වූ කාලය තුළ දකුණු ඉන්දියාවේ සිට මෙරටට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ පුද්ගලයෙකු එමගින් උපයා ගන්නා ලද මුදලින් දෙමහල් නිවසක්, කඩකාමර 05කින් යුත් නිවසක්, මෝටර් රථයක් හා රන් පවුම් 360කට ආසන්න රන් භාණ්ඩ ප්‍රමාණයක් උපයාගෙන ඉන් රන් භාණ්ඩ උකස් කර පසුව විකුණා ඇති බවට ලද පැමිණිල්ලක් මත නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

මෙම පැමිණිල්ලට අදාළව සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඉහත නිවාස 02 හා මෝටර් රථය සම්බන්ධයෙන් මන්නාරම මහාධිකරණයේ නඩු පවරා ක්‍රියාවිරහිත කිරීමේ නියෝග ලබා ගෙන එම නියෝග තහවුරු කර දීර්ඝ කිරීම් සිදුකරමින් පවතී.

මෙම සිද්ධිය සම්බන්ධව සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ රන් භාණ්ඩ සම්බන්ධයෙන් සිදුකරන ලද දීර්ඝ විමර්ශනයේදී ඉහත සැකකරුගේ බිරිඳගේ මව විසින් මූල්‍ය ආයතන කිහිපයක රන් භාණ්ඩ උකස් කර පසුව මන්නාරම ප්‍රදේශයේ රන් භාණ්ඩ අලෙවිසැල් කිහිපයකට එම රන් භාණ්ඩ විකිණීම් සිදුකර ඇති බවයි.

හෙරොයින් හා අයිස් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

හෙරොයින් හා අයිස් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

ඒ අනුව ඉහත සැකකරු විසින් නීති විරෝධීව ක්‍රියාකාරකම් මගින් උපයාගන්නා ලද රන් භාණ්ඩ බව දනිමින්ම උකස් කිරීම් හා විකිණීම් සිදුකරමින් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව ගැනෙන වරදවල් සිදුකිරීම සම්බන්ධයෙන් ආධාර අනුබල දීමට අදාළව සැකකරුගේ බිරිඳගේ මව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

  නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය මෙම සිද්ධිය සම්බන්ධයෙන් විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

සියළුම ගිලන් රථ සදහා ඉන්ධන ලබා දෙන හැටි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව කියයි

සියළුම ගිලන් රථ සදහා ඉන්ධන ලබා දෙන හැටි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව කියයි