සියළුම ගිලන් රථ සදහා ඉන්ධන ලබා දෙන හැටි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව කියයි
සියළුම ගිලන් රථ සඳහා විශේෂ කාණ්ඩයක් යටතේ ඉන්ධන නිකුත් කරන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කර තිබේ .
ඒ අනුව ගිලන් රථවලට ඩිපෝවලින් මෙන්ම පිරවුම්හල්වලින්ද ඉන්ධන ලබා ගැනීමට හැකියාව පවතින බව එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ මහතා සදහන් කර ඇත.
ඊයේ (15) උදෑසන 6 සිට දීප ව්‍යාප්තව QR ක්‍රමවේදය ක්‍රියාත්මකයි. QR ක්‍රමවේදය යටතේ සෑම පුද්ගලයෙකුටම සතියකට ලබාගත හැකි ඉන්ධන ප්‍රමානය නිශ්චිත කෝටාවකට සීමා කර ඇත.
ඒ යටතේ,
බස් රථ සඳහා ලීටර් 60 ක් ,
ලොරි රථ සඳහා ලීටර් 200ක්,
වෑන් රථ සහ විශේෂ කාර්ය වාහන සඳහා ලීටර් 40ක්,
යතුරුපැදි සදහා ලීටර් 05ක්. ත්‍රිරෝද රථ සහ මෝටර් රථ සඳහා ලීටර් 15ක්,
ට්‍රැක්ටර් රථ සඳහා ලීටර් 25ක්,
ලෙසින් ඉන්ධන ලබාගැනීමට හැකියාව ඇත.
අදාළ ක්‍රියාවලිය සම්බන්ධ ගැටලු හෝ වැඩිදුර තොරතුරු දැනගැනීමට 1919 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ රජයේ තොරතුරු කේන්ද්‍රය ඇමතිය හැකි බවද ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය ජනතාවට දැනුම් දෙයි.