අම්මපා මෙහෙමත් මිනිස්සු.. අනියම් බිරිඳ සමග කල්ගත කරන්න මුදල් හොයපු ක්‍රමය..

By Piyumika Nov 24, 2024 08:35 AM GMT
Report

ප්‍රදේශ කිහිපයකින් යතුරුපැදි සොරකම් කළ පුද්ගලයෙකු කහතුඩුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ සැකකරු කහතුඩුව, මීරිගම සහ කටුනායක යන ප්‍රදේශවලින් ලක්ෂ 10කට අධික වටිනාකමකින් යුත් යතුරුපැදි තුනක් සොරකම් කර ඇති බවය.

අවධානයෙන් ඉන්න.. ලග එන උත්සව සමයේ කරන්න යන දෙයක් පිළිබද දැනුම්දීමක්..

අවධානයෙන් ඉන්න.. ලග එන උත්සව සමයේ කරන්න යන දෙයක් පිළිබද දැනුම්දීමක්..

එමෙන්ම සැකකරු සතුව තිබී සොරකම් කරන ලද ජංගම දුරකථන තුනක්ද පොලීසිය සොයාගෙන තිබේ. සිදුකළ ප්‍රශ්නකිරීම් හමුවේ සැකකරු පවසා ඇත්තේ සොරකම් කරන ලද යතුරුපැදි ආඬිඅම්බලම ප්‍රදේශයේ ස්ථාන දෙකකට රුපියල් ලක්ෂ එකහමාරකට උකස් කළ බවය.

ඒ අනුව උකස් කළ යතුරුපැදි පොලිස් භාරයට ගැනීමට පොලීසිය කටයුතු කර තිබේ.

ප්‍රවේසම් වන්න ..සෞඛ්‍ය අංශයෙන් දැනුම්දීමක්..

ප්‍රවේසම් වන්න ..සෞඛ්‍ය අංශයෙන් දැනුම්දීමක්..

සැකකරු විසින් යතුරුපැදි උකස් කර ලබාගත් මුදල් අනියම් බිරිඳ සමග කල්ගත කිරීමට භාවිත කර තිබූ බවද පොලීසිය පවසයි.

අත්අඩංගුවට පත් සැකකරු 53 හැවිරිදි වියේ පසුවන බටුවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධව කහතුඩුව පොලීසිය වැඩිදුර විමර්ශණ පවත්වයි.


You may like this video

Gallery