පොලීසියෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරයි.!!
Sri Lanka Police
Sri Lanka
By Aruna
ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ සිදුවූ ඕනෑම අපරාධයක් පිළිබඳව විද්‍යාත්මක සාක්ෂි ලබාගැනීමට කොළඹ මධ්‍යම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා යටතේ විශේෂ කණ්ඩායමක් පත්කර තිබේ.
එමෙන්ම අද අලුයම ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය එක්ව සිදු කළ මෙහෙයුමේ දී ජනාධිපති කාර්යාලය සහ එහි ප්‍රධාන දොරටුව ඇතුලු අවට පරිශ්‍රයේ රැඳී සිටි විරෝධතාකරුවන් ඉවත් කරන අවස්ථාවේදී සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවට ගත් බව එම නිවේදනයේ සඳහන්.
එමෙන්ම අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
අදාල නිවේදනය පහතින් දැක්වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |
