ජනාධිපති මන්දිරයේ 3,089ක් ලැගුම් ගත්තාද? PMDයෙන් ඇත්තම කතාව මෙන්න
By Kanchana
ජනාධිපති මන්දිරවල පිටස්තර පුද්ගලයන් නවාතැන් ගෙන නොමැති බවත් ඒ පිළිබඳව ඇතැම් මාධ්‍යවල පළවන ප්රවෘත්ති සම්පුර්ණයෙන්ම අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කර තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ 2025 වර්ෂයේ දී රටපුරා ඇති ජනාධිපති මන්දිරවල විවිධ පුද්ගලයන් 3089 ක් නවාතැන් අරන් යන මැයෙන් පලවී ඇති ප්‍රවෘත්තිය සම්පුර්ණයෙන්ම අසත්‍ය බවයි.
2025 වර්ෂයේ දි ජනාධිපති මන්දිර පරිශ්‍රවල පවතින වෙනත් ගොඩනැගිලිවල ආරක්ෂක අංශයේත්, මාධ්‍ය සහ අනෙකුත් අංශවලත් නිලධාරින් රාජකාරිමය අවශ්‍යතා වෙනුවෙන් විවිධ අවස්ථාවල නවාතැන්ගෙන ඇත.
නමුත් එම නිලධාරින් කිසිවෙකුත් ජනාධිපති මන්දිරවල නවාතැන් ගෙන නොමැති බව ජනාධීපති මාධ්‍ය අංශය අවධාරණය කර ඇත