ලෝක ජනාවාස දිනය වෙනුවෙන් නිවාස 5,000ක ව්‍යාපෘතිය හෙට ජනතා අයිතියට

Report

ලෝක ජනාවාස දිනය සහ ජනාවාස සතියට සමගාමීව රජයේ ආධාර යටතේ දිවයින පුරා ඉදි කරන ලද නිවාස 5,000 ව්‍යාපෘතිය සම්පූර්ණ කර ජනතා අයිතියට පත් කිරීම හෙට (05) අග්‍රාමාත්‍‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වේ.

"සියලු දෙනාට සුරක්ෂිත නිවසක්" යන තේමාව යටතේ ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළ යටතේ හෙට දිනයේදී කුරුණෑගල නිවාස 681ක්, යාපනය 694ක්, අම්පාර 401ක්, අනුරාධපුර 348ක්, ගම්පහ 341ක්, මාතලේ 245ක් සහ මහනුවර නිවාස 200ක් ආදී වශයෙන් සමස්ත දිස්ත්‍රික්කම ආවරණය වන පරිදි නිවාස විවෘත කිරීමට කටයුතු යොදා තිබේ.

ලංකාවේ පැත්තක් රත් වෙයි - සූදානම් වන්නැයි අවවාදාත්මක නිවේදනයක්

ලංකාවේ පැත්තක් රත් වෙයි - සූදානම් වන්නැයි අවවාදාත්මක නිවේදනයක්

මීට සමගාමීව ගාල්ල දිස්ත්‍රික්කයේ නිවාස ජනතා අයිතියට පත් කිරීම නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) සිදුවිය. අමාත්‍ය සුසිල් රණසිංහ මහතා සඳහන් කළේ කොළඹ පැල්පත්වාසී ජනතාව උදෙසා කෙරෙන නිවාස ව්‍යාපෘති සහ උතුරේ ඉදිකෙරෙන නිවාස 2,500ක වැඩපිළිවෙළ ද ඇතුළුව එළඹෙන දෙසැම්බර් 31 වන විට නිවාස 30,000කට වැඩි සංඛ්‍යාවක් ජනතා අයිතියට පත් කිරීම රජයේ අරමුණ බවයි.

මේ අතර, ලෝක ජනාවාස දිනය වෙනුවෙන් දඹුල්ලෙන් ආරම්භ වූ පාපැදි සවාරිය නිට්ටඹුව හරහා පැමිණ හෙට උදෑසන අරලියගහ මන්දිරයෙන් අවසන් වීමට නියමිතය.

දිස්ත්‍රික්ක 5කට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13කට - නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන

දිස්ත්‍රික්ක 5කට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13කට - නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන