රැකියා අපේක්ෂිතයන්ට සුබ ආරංචියක් - සූර්ය බලශක්ති ක්ෂේත්‍රයට තාක්ෂණික ශිල්පීන් 5,000ක් බඳවා ගනී
By Kanchana
සූර්ය බලශක්ති ක්ෂේත්‍රයේ අවශ්‍යතා සපුරාලීම සඳහා තාක්ෂණික ශිල්පීන් 5,000ක් ඇතුළු නව බඳවා ගැනීම් සිදුකිරීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.
එහි සභාපති මහාචාර්ය කේ.පී.එල්. චන්ද්‍රලාල් මහතා සඳහන් කළේ, මෙම වැඩසටහන යටතේ සූර්ය බලශක්ති තාක්ෂණික ශිල්පීන් 1,500 දෙනෙකු මේ වනවිටත් පුහුණු කර බඳවාගෙන ඇති බවයි.
ඉදිරියේදී සූර්ය බලශක්ති ක්ෂේත්‍රයේ වර්ධනයත් සමඟ අවශ්‍ය වන පුහුණු ශ්‍රම බලකාය සකස් කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණක් බවද සඳහන්. මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහාචාර්ය කේ.පී.එල්. චන්ද්‍රලාල් මහතා මේ බව ප්‍රකාශකර තිබේ.