මන් බැන්දේ අවුරුදු 19 න්.පිටිපස්ස හැරිලා බැලුවම මං හිතන්නේ මට වැරදුනා.පියුමි හංසමාලි (PHOTOS)

sri lanka Gossip Piyumi hansamali
By Sithumi Jan 18, 2022 02:53 PM GMT
Sithumi

Sithumi

Report

පියුම් හංසමාලි කියලා කිව්වම නොදන්න කෙනෙක් නැති වෙන තරමට ම සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඇය ප්‍රසිද්ධියට පත්වෙලා තියෙනවා. ඇය කරන එක් එක් විලාසිතා වගේම ඇයගේ ජීවන රටාව හින්දා ඇය නොයෙකුත් විවේචන වලට බදුන් වෙන එක හැමදාමත් වෙන දෙයක්.

නමුත් ඇය ලංකාවේ නිරූපණ ශිල්පිනියක් විදිහට වගේම රංගන ශිල්පිනියක් විදිහටත් එක්තරා නමක් දිනාගෙන තියෙනවා. මේ වෙනකොට ඇය ජැක්සන් ඇන්තනී කියන ප්‍රවීණ කලා කාරයත් සමග ඉන්දියානු සිනමා පටයක රංගනයෙන් දායක වන්නට පවා වරම් ලබා ගත්තු කෙනෙක් විදියට අපිට හඳුන්වන්න පුළුවන්.

අනියම් සබඳතා කියලා කියන්නේ අපේ සමාජයේ අද බහුල දෙයක් බවට පත්වෙලා. ඉතිං ගැහැනියක් විදියට ඔබ ඒක දකින්නෙ කොහොමද කියල ඇහුවහම පියුමි හංසමාලි උත්තර දුන්නේ මෙන්න මේ විදියට.ඇත්තටම ඒක සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා. ඒක ගැහැනියගේ කැත හෝ ලස්සන මත තීරණය වෙන්නෑ කියන එක නම් මම හොඳටම දන්නවා

. ඉටි රූපයක් වගේ ගැහැනියක් ගෙදර හිටියත් පිට යන එකා අනිවාර්යෙන්ම පිට යනවා. හැබැයි එහෙම වුවමනාවක් නැති මිනිහා ඉටි රූප වගේ ගැහැණු හොයාගෙන යන්නේ නැහැ.

මම විවාහ වෙන්නේ අවුරුදු දහ නමයෙන. මම ජීවිතය පිටිපස්ස හැරිලා බැලුවම මං හිතන්නේ මට ජීවිතය වැරදුනා. මට සතුටු යම් කිසි කාලයක මම වයසට ගියත් මට දුක නැහැ මාව බලාගන්න මට දරුවෙක් ඉන්නවා. ඉතින් මම කිසිම වෙලාවක ඒ ගැන පසුතැවෙන්නේ නැහැ.

හරිම සතුටෙන් තමයි ඉන්නේජීවිතයේ එකම වටිනාම සම්පත තමන්ගේ ආදරණීය පුතා කියලයි. ඒ වගේම අනාගතයේ දවසක ශ්‍රී ලාංකිකයෙකු නොවන විදෙස්ගත පුද්ගලයෙක් සමග යුග ජීවිතයට ඇතුළත් වෙලා සාර්ථක ජීවිතයක් ගත කරන්නට ඇය බලාපොරොත්තුවෙන් සිටිනවා කියලයි ඇය අවසානයේ කියා සිටියේ.


ජනප්‍රිය නළු නිළියන් ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න 

Join now


GalleryGalleryGalleryGallery