චමුදිත පිනට කහිනවා... පියුමි නැවතත් කරළියට(VIDEO)

chandimal fb live chamuditha pimi hansamali
By Sewvandhi Jun 05, 2021 06:24 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පියුමි හන්සමාලිගේ චෝදනාවලට චමුදිතා සමරාවික්‍රම ප්‍රතිචාර දක්වයි: සංචාරක සීමාවන් මධ්‍යයේ ඇයට ඇඳුම් භාර දුන් වෛද්‍යවරයාගේ අනන්‍යතාවය ප්‍රශ්න කරයි: මෙතැන් සිට පොලිස් මාධ්‍ය නිවේදන කියවීම ප්‍රතික්ෂේප කරයි:

මෙලෙස ප්‍රතිචාර දැක්වූ මාධ්‍යවේදී චමුදිත මහතාට විරුද්ධ ව නැවතත් පියුම් හංසමාලි මුහුණු පොත ඔස්සේ කරුණු දැක්වීමක් සිදු කර ඇත එහිදි නිරෝධායනය සඳහා හදිසියේම යොමුකළ හේතුවෙන් එවේලේ ඇතිවූ ආවේගයට විවිධ දේ ප්‍රකාශ කළ ද දැන් තමන් ඇතුළු පිරිස ඉතා සතුටින් නිරෝධායනයේ යෙදී සිටින බව නිරූපණ ශිල්පිනි පියුමි හන්සමාලි සඳහන් කරයි.

බණ්ඩාරවෙල නිරෝධායන මධ්‍යස්ථානය සිට අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඇය කියා සිටින්නේ එම මධ්‍යස්ථානය භාරව කටයුතු කරන හමුදා නිලධාරීන් ඉතා හොඳින් තමන් ඇතුළු පිරිස රැක බලා ගන්නා බවයි. බණ්ඩාරවෙල යනු ඉතා සුන්දර නගරයක් බවත් තමන්ටත් දැනට ඇති එකම ප්‍රශ්නය තම දරුවා තමන් සමීපයේ නොමැති බව බව යැයිද ඇය කියා සිටියාය.

තමන්ට නිරෝධායන මධ්‍යස්ථානයට ඇඳුම් බෑගය ගෙනැවිත් දුන් වෛද්‍යවරයා කවුදැයි ඇතැමුන් විමසන බවද පැවසූ ඇය එය එම කාරණාව කිසිවෙකුට වැඩක් නැතැයි ද ‘මට ඉන්න කියන්නේ හෙළුවෙන්ද’ එහිදී තවදුරටත් ප්‍රශ්න කළාය.

තම ජීවිතය පළමුවතාවට ඇමති සරත් වීරසේකර මහතා සමග කතා කලේ එදින බවත් වෙන කිසිම දිනෙක ඔහු සමග තමන් කතා කර නැති බවත් ඇය එහිදී කියා සිටියාය. වහාම බස් රථය නතර කර ඇඳුම් ටික ලබාදීමට කටයුතු කරන්නැයි ඇමැතිවරයා උපදෙස් දුන් බව ද ඇය පැවසීය.

එම වීඩියෝව පහතින් නරඹන්න


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now



ReeCha