නියෝජ්‍ය පොලිස්පති (විශ්‍රාමික) රොහාන් ප්‍රේමරත්න මහතා අත්අඩංගුවට?

Report

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ සිදුවී ඇතැයි සැලකෙන රුපියල් ලක්ෂ 75ක විශාල මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති (විශ්‍රාමික) රොහාන් ප්‍රේමරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත.

දේවාලය ඇතුලේ සමූහ මිනිවලක් -අවුරුදු 20ක් තිස්සේ ගැහැණුන්ව ළමයින්ව දුෂණය කර වළ දාලා

දේවාලය ඇතුලේ සමූහ මිනිවලක් -අවුරුදු 20ක් තිස්සේ ගැහැණුන්ව ළමයින්ව දුෂණය කර වළ දාලා

අදාළ මෙහෙයුමේදී , කොමිසමේ නිලධාරීන් ඔහුගේ නිවස සහ රැඳී සිටි බව කියන ස්ථාන කිහිපයක් පරීක්ෂා කළද, ඔහු එම ස්ථාන හැර පලාගොස් ඇති බව ආරංචි මාර්ග පවසයි.

පාස්කු ප්‍රහාරය නොවැලක්වූ නිසා මරණ දඬුවම? කතෝලික සභාව සැර වෙයි

පාස්කු ප්‍රහාරය නොවැලක්වූ නිසා මරණ දඬුවම? කතෝලික සභාව සැර වෙයි

මෙම වංචාව සම්බන්ධයෙන් පැන නැඟුණු චෝදනා පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා රොහාන් ප්‍රේමරත්න මහතාට පැමිණෙන ලෙස නිල වශයෙන් දැනුම්දී තිබුණද, ඔහු එම කැඳවීම නොසලකා මඟහැර සිටීමත් සමඟ, ඔහුව සෙවීම සඳහා මෙහෙයුමක් ආරම්භ කිරීමට කොමිසම කටයුතු කළේය.

මෙහෙමත් තිරිසන්නු - නංගිව අල්ලපු කාමරේ හිර කරලා අක්කව දුෂණය කරලා

මෙහෙමත් තිරිසන්නු - නංගිව අල්ලපු කාමරේ හිර කරලා අක්කව දුෂණය කරලා

මෙම වංචා සිදුවී ඇත්තේ, 2021 වසරේ දෙහිවල ප්‍රදේශයේදී නයිජීරියානු ජාතිකයන් හය දෙනෙකු ඇතුළු අටදෙනෙකු කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගත් අවස්ථාවෙන් පසුය. ඔවුන් සතු රුපියල් ලක්ෂ 75ක මුදලක් නඩු භාණ්ඩයක් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබුණි.

එවකට එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කර තිබුණේ රොහාන් ප්‍රේමරත්න මහතා වන අතර, ඒ මුදල් අධිකරණයට භාර කිරීම වෙනුවට සැකකරුවන් වෙත ආපසු භාරදීමට උත්සාහයක් සිදු වූ බවත්, මෙය දැඩි අක්‍රමිකතාවක් ලෙස සැලකෙන බවත් වාර්තා වේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පසුව පවත්වන ලද විමර්ශනයක දීත්, රොහාන් ප්‍රේමරත්න මහතාට සෘජු චෝදනා එල්ල වී නොමැති බව කොමිසමේ නිලධාරීන් පවසති.

කෙසේ වෙතත්, මේ වන විට එම සිද්ධියට සම්බන්ධ පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, වංචාවේ ප්‍රධාන සැකකරුවෙකු ලෙස සැලකෙන රොහාන් ප්‍රේමරත්න මහතා සෙවීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක වීම තවදුරටත් දිග හැරෙනු ඇති බව අල්ලස් කොමිසම සඳහන් කරයි.