ටයර් අලෙවිසැලක මහා ගින්නක්..
By krishani
අද (30) පෙරවරුවේ පිළියන්දල - බෝකුන්දර ප්‍රදේශයේ ටයර් අලෙවිසැලක ගින්නක් හටගෙන ඇත.
ගින්න පාලනය කිරීමට මේ වනවිට එම ස්ථානයට ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව විසින් ගිනි නිවීමේ රථ 02ක් යොදවා තිබෙනවා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර, ගින්නෙන් දේපළ හානි සිදු වුව ද කිසිදු ජීවිත හානියක් සිදුව නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල පොලීසිය විමර්ශන සිදු කරනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |