වන්දනාකරුවන් රැගෙන ආ බස් රථයක් බිහිසුණු ලෙස අනතුරට ලක් වෙයි - අට දෙනෙකුට තුවාල
දිවුලපිටිය ප්‍රදේශයේ සිට සෝමාවතිය පුදබිම වැඳ පුදාගැනීමට පැමිණ වන්දනාකරුවන් රැගත් බස් රථයක් සුංගාවිල - සෝමාවතිය ප්‍රධාන මාර්ගයේ 36 කණුව ආසන්නයේ දි අනතුරට ලක්වීමෙන් අට දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
ඒ අනුව පුලස්තිගම පොලිසිය සඳහන් කර ඇත්තේ බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරලීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
එසේම තුවාලකරුවන් පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇත.
කෙසේ වෙතත් පොලිසිය සැක කරන්නේ රියදුරුට නින්ද යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවටයි.