සජින් වාස් යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
නීති විරෝධී වත්කම් උපයා ගැනීම සම්බන්ධ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ගුණවර්ධන මහතා වෙනුවෙන් ගොනු කළ ඇප අයදුම්පත කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද ප්‍රතික්ෂේප කළේය.
ඒ අනුව, සැකකරු මාර්තු 31 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළ බව පැවසීය.
අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඉදිරිපත් කරන ලද කරුණු මෙන්ම සැකකරුගේ නීති උපදේශකවරයා විසින් ඉදිරිපත් කරන ලද තර්ක ද සලකා බැලීමෙන් පසු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළේය.