දඹුල්ලේ ජීවිත පන්සිය ගාණක් විශාල අවදානමක - ගම් තුනක් මහ විනාසයකට පෙර විසඳුමයි ඉල්ලයි[PHOTOS]

Report

අනුරාධපුර සහ මාතලේ දිස්ත්‍රික්ක යා කරමින් දඹුල්ල මහ නගර සභා බල ප්‍රදේශයේ තම්මන්ඇළ හරහා ඉදිකර තිබූ ගල්වැටියාය පාලම කඩාවැටීම නිසා ගම්මාන තුනක ජනතාව දැඩි අසීරුතාවට පත්ව ඇති බව වාර්තා වේ.

ඒ අනුව මාස කිහිපයක සිට පවතින මෙම තත්ත්වය නිසා පාසල් දරුවන් ඇතුළු ප්‍රදේශවාසීන් සිය දෛනික කටයුතු කරගැනීමට නොහැකිව දැඩි අවදානමකට මුහුණ පා ඇති බව සඳහන්.

එසේම හාබරත්තාවල, උළුකැටවැව සහ ගල්වැටියාය යන ගම්මානවල පදිංචි පන්සියයකට අධික පිරිසක් දිනපතා මෙම පාලම භාවිතා කරන බව වාර්තා වේ.

දඹුල්ල නගරයේ පාසල් වෙත යන දරුවන්, ගුරුවරුන් මෙන්ම රැකියා වෙනුවෙන් යන පිරිස්වලට දඹුල්ල නගරයට පැමිණීමට ඇති කෙටිම මාර්ගය මෙය වුවත් පාලම විනාශ වීම හේතුවෙන් ඔවුන්ට සැතපුම් ගණනාවක් අමතරව ගමන් කිරීමට හෝ අවදානම් සහගත ලෙස ඇළ හරහා යාමට සිදුව ඇත.

මේ සමාගම්වලින් සුපර් ඩීසල්, 95 පෙට්‍රල් ගැහුවද ගැහුවද? එහෙනම් මේ ගැන අවදානෙන් - විශාල චෝදනාවක්

මේ සමාගම්වලින් සුපර් ඩීසල්, 95 පෙට්‍රල් ගැහුවද ගැහුවද? එහෙනම් මේ ගැන අවදානෙන් - විශාල චෝදනාවක්

පසුගිය දිනවල රට මුහුණ පෑ 'දිට්වා' සුළි කුණාටුවත් සමඟ ඇති වූ දැඩි වර්ෂාව නිසා මෙම පාලම දෙවැනි වරටත් මෙසේ කඩාවැටී තිබෙනවා.

එමෙන්ම මින් පෙරද අයහපත් කාලගුණය හේතුවෙන් පාලම කඩාවැටුණු අවස්ථාවේදී එවකට සිටි අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ගේ උපදෙස් මත යුද හමුදාව යොදාගෙන එය තාවකාලිකව පිළිසකර කර දී තිබෙන බව වාර්තා වේ.

එහෙත් පසුව යළිත් ඇළ පිටාර ගැලීමෙන් පාලම කැඩී ගිය අතර, දඹුල්ල නගරාධිපති වසන්ත කේ. රාජමන්ත්‍රීගේ මැදිහත්වීමෙන් යුද හමුදා සහාය ඇතිව එය යළිත් තාවකාලිකව සකස් කර දුන්නද, වර්තමානය වන විට එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව සඳහන්.

එමෙන්ම පාලම කඩාවැටී ඇති ස්ථානයේ ඇළ මධ්‍යයේ වැලි කොට්ට කිහිපයක් දමා ගම්වාසීන් විසින් එයට තාවකාලික මඟක් සකසා ගෙන ඇත.

එසේ වුවත් යතුරුපැදිවලින් හෝ වෙනත් වාහනවලින් පැමිණෙන දරුවන් පාලම අසලින් බැස්සවීමට සිදුවන අතර, ඔවුන් මෙම වැලි කොට්ට මතින් ඇළ තරණය කරන්නේ දැඩි ජීවිත අවදානමක් සහිතව වීම අවධානයට ලක් විය යුතු කරුණක්.

ඇවිලෙන යුද ගිනි මැද සියලු බිය පසෙකලා ටෙහෙරානය පිරී ඉති‍රෙයි - ලොවම හැරී බලද්දි ඉරාන වැසියෝ පාරට බසී

ඇවිලෙන යුද ගිනි මැද සියලු බිය පසෙකලා ටෙහෙරානය පිරී ඉති‍රෙයි - ලොවම හැරී බලද්දි ඉරාන වැසියෝ පාරට බසී

එමෙන්ම ඇතැම් දරුවන් වැලි කොට්ට මතින් ලිස්සා ඇළට වැටුණු අවස්ථා ද පවතින බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙයි. මේ අතර පවතින තත්ත්වය පිළිබඳව කළ විමසීමකදී දඹුල්ල නගරාධිපති වසන්ත කේ. රාජමන්ත්‍රී ප්‍රකාශ කර ඇත්තේ, පාලම ස්ථිර වශයෙන් ඉදිකිරීමට අවශ්‍ය යෝජනා ඉදිරිපත් කර තිබෙන බවයි.

එමෙන්ම යුද හමුදා ඉංජිනේරු බලකායේ සහයෝගය ඇතිව පාලම කඩිනමින් නැවත සැකසීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සැලසුම් කරමින් පවතින බවද ඔහු සඳහන් කර ඇති බව වාර්තා වේ.

කෙසේ වුවද පාලම විනාශ වී මාස ගණනාවක් ගතවී ඇතත් මෙතෙක් ස්ථිර හෝ ප්‍රමාණවත් තාවකාලික විසඳුමක් ලැබී නොමැති බව සඳහන් කරමින් පීඩාවට පත් ජනතාව, බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ කිසියම් අනතුරක් සිදුවීමට පෙර මෙම පාලම කඩිනමින් පිළිසකර කර දෙන ලෙසයි.

මුළු දිවයිනටම විශේෂ නිවේදනයක් - රාත්‍රී 11 තෙක් වලංගුයි

මුළු දිවයිනටම විශේෂ නිවේදනයක් - රාත්‍රී 11 තෙක් වලංගුයි

GalleryGalleryGalleryGallery