අවම මිලක් යටතේ අඛණ්ඩව තෙල් සැපයීමට අගෝස්තු දක්වා තෙල් ඇනවුම්කරලා තියෙන්නේ - රුවන්
තමන් ආණ්ඩුව භාරගන්නා විට මේ රටේ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රු. 470ක් වූ බව නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ. එසේම ඔහු පෙන්වා දී ඇත්තේ මේ වන විට එහි මිල රු. 370 දක්වා අඩු කර ඇති බවයි.
එමෙන්ම ලෝකයේ යුද තත්ත්වයක් පැවතියද අවම මිලක් යටතේ අඛණ්ඩව තෙල් සැපයීම වෙනුවෙන් අගෝස්තු දක්වා තෙල් ඇනවුම්කර ඇති බවද නියෝජ්‍ය ඇමතිවරයා අවධාරණය කර ඇති බව සඳහන්.
ඔහු තවදුරටත් සඳහන් කර ඇත්තේ මෙවැනි අර්බුදයකට මුහුණදිය හැකි ශක්තිමත් ආර්ථිකයක් කෙටිකාලීනව ගොඩනගාගත හැකිවීම ගැන සතුටු වන බවයි.
එමෙන්ම වෙනත් ආණ්ඩුවක් පැවතියේ නම් දැනටමත් රට පුරා තෙල් පෝලිම් දැකගත හැකි වනු ඇති බවත් රුවන් රණසිංහ මහතා ප්‍රකාශ කළ බව සඳහන්.