සමලිංගික යැයි කියමින් සැමියාගෙන් වෙන් වූ සංජානගෙන් තවත් සැර කතාවක් - මෙන්න විස්තරේ
සංජානා ඔනාලි කියන්නේ අපි කොයි කවුරුත් ආදරේ කරන බොහෝ දෙනෙක්ගේ ආදරේ දිනාගත්තු ආදරණීය රංගන ශිල්පිනියක්. ඇය ක්ෂේත්‍රය තුළ විවිධ ටෙලි නිර්මාණ සහ සිනමා නිර්මාණ හරහා ආ චරිතයක්.
එමෙන්ම ඇය ඕස්ට්‍රේලියාවේ පදිංචි වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙක් සමග විවාහ දිවියට පා තැබුවා.
නමුත් ඔවුන් තුළ ඇති වූයේ ගැටලුකාරී තත්වයන් මත ඇය මෙම විවාහයෙන් වෙන් වී තනිකඩව ජීවත්වීමට තීරණය කර ඇති බවට සමාජ මාධ්‍යයට ඇය විසින් සටහනක් එක් කොට තිබුණි.
එහිදී ඇය පවසා තිබුණු ආකාරයට ඇය විවාහ වූ පුද්ගලයා සම ලිංගික ආශාවන් ඇති පුද්ගලයෙක් බවයි.කෙසේ නමුත් මේ වන විට ඔහුගෙන් වෙන් වී තනිකඩ ජීවිතයක් ගත කරන ඇය නැවත වතාවක් මුහුණු පොතට එක්කොට තිබූ සටහනක් පහතින් උපුටා දක්වා ඇත.
"ජීවිතේ එක කාලයක් එනවා කාත් එක්කවත් සම්බන්ධයක් හදාගන්න නොහිතෙන, තමන්ගේ වැඩ ටික පාඩුවේ කරගෙන, තනියම කොහෙට හරි වෙලා , silent එකේ ජීවත් වෙන්න හිතෙන මේ ගෙවන්නේ අන්න ඒ කාලෙ!❤️"
ජීවිතේ එක කාලයක් එනවා කාත් එක්කවත් සම්බන්ධයක් හදාගන්න නොහිතෙන, තමන්ගේ වැඩ ටික පාඩුවේ කරගෙන, තනියම කොහෙට හරි වෙලා , silent එකේ ජීවත් වෙන්න හිතෙන මේ ගෙවන්නේ අන්න ඒ කාලෙ!❤️