හම්බන්තොට පරිසර පද්ධතියම උඩුයටිකුරු කරන ව්‍යාපෘතියක් ගැන තොරතුරු එළියට
හම්බන්තොට ප්‍රදේශයේ වන අලි නිජබිම් සහ සංවේදී පරිසර පද්ධති විනාශ කරමින් ක්‍රියාත්මක වන සෝලා ව්‍යාපෘති සඳහා අනීතිකව අනුමැතිය ලබාදුන් මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු රාජ්‍ය නිලධාරීන්ට ඉදිරියේදී නීතිය හමුවේ පිළිතුරු බැඳීමට සිදුවන බව පරිසරවේදීන් අනතුරු අඟවා තිබේ.
එබැවින් පරිසරවේදී සජීව චාමිකර මහතා මේ බව අවධාරණය කළේ හම්බන්තොට කටුවැව ප්‍රදේශයේදී වළව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානය විසින් සංවිධානය කරන ලද ජන හමුවකට එක්වෙමිනි.
මෙහිදී අනාවරණය වූ කරුණු අනුව, හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතයට යාබදව පිහිටි රජයේ කැළෑ ඉඩම් අක්කර 800ක් පමණ සෝලා ව්‍යාපෘති සඳහා පෞද්ගලික සමාගම් වෙත නිදහස් කිරීමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පියවර ගෙන ඇත.
මෙම ඉඩම් උඩවලව, ලුණුගම්වෙහෙර සහ යාල වැනි ප්‍රධාන වනෝද්‍යාන අතර වන අලි සංක්‍රමණය වන ප්‍රධාන ගමන් මාර්ග (අලි මංකඩ) වැටී ඇති අතිශය පරිසර සංවේදී කලාපයක් ලෙස හඳුනාගෙන තිබේ.
වන අලි ගැටුම උග්‍ර වෙමින් පවතින පසුබිමක, මෙවැනි සංවේදී වනාන්තර පද්ධති විනාශ කිරීම හරහා අලි-මිනිස් ගැටුම තවදුරටත් වර්ධනය වන බවත්, ඊට වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් පරිසරවේදීන් මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.