වැසිකිළි වල පුපුරයි අයෙක් මරුට
ඊයේ (12) සවස වැසිකිළි වළක් පිපිරීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි හබරාදූව පොලිසිය වාර්තා කරයි. හබරාදූව, පිලාන ප්‍රදේශයේ නිවසක තිබූ වැසිකිළි වළක් මෙසේ පිපිරී ඇති අතර සිදුවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 56 හැවිරිදි පිලාන, වංචාවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මියගිය පුද්ගලයා වැසිකිළි වළට කාබයිඩ් වැනි ද්‍රව්‍යයක් එකතු කර වායුවක් ලබා ගැනීමට උත්සාහ කිරීමේදී මෙම පිපිරීම සිදුව ඇති අතර පිපිරීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා ප්‍රදේශවාසීන් විසින් ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
රෝහලට රැගෙන එන විටත් ඔහු මියගොස් සිටි බව රෝහල පවසයි.