ප්‍රවේශ පත්‍ර ලබා නොදුන් බස් රථ කොන්දොස්තරවරුන්ට වැඩ වරදී

Report

බස්නාහිර පළාත තුළදී මගීන්ට ප්‍රවේශ පත්‍ර ලබා නොදුන් බස් රථ කොන්දොස්තරවරුන් 57 දෙනෙකුගේ තාවකාලිකව වැඩ තහනම් කළ බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසයි.

එහි සභාපති විශ්‍රාමික කමාන්ඩර් ගාමිනී ජාසිංහ මහතා පැවසුවේ මෙම මස පළමුවනදා සිට 10 වනදා දක්වා කාලය තුළ එලෙස එම කොන්දොස්තරවරුන්ගේ වැඩ තහනම් කළ බවයි.

වැඩ තහනම් කර සිටින කොන්දොස්තරවරුන්ට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් එක්දින වැඩමුළුවක් ද  පවත්වන්නට නියමිත බව  එතුමා සදහන් කළේය.

නීතිඥ ගුණරත්න වන්නිනායක අත්අඩංගුවට ගැනීමට පොලිසිය සූදානම්

නීතිඥ ගුණරත්න වන්නිනායක අත්අඩංගුවට ගැනීමට පොලිසිය සූදානම්

බස්නාහිර පළාතේ ධාවනය වන බස්රථවල ගමන් ගන්නා මගීන්ට ප්‍රවේශ පත්‍රය ළඟ තබාගැනීම අනිවාර්යය කෙරුණේ පසුගිය පළමුවනදා සිටයි.

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් එම කාලසීමාව තුළ බස්රථ 500කට ආසන්න ප්‍රමාණයක්  මෙලෙස  පරික්‍ෂාවට ලක් කර තිබේ. 

ආයේ වාහන පදින ගමන් මේවා කරන්න බෑ

ආයේ වාහන පදින ගමන් මේවා කරන්න බෑ