මෛත්‍රීපාල සිරිසේන FCID යට
අද (13) උදෑසන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණ ඇත.
ඉන් අනතුරුව පැය 5ක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කිරීමෙන් පසුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සවස 2ට පමණ අල්ලස් කොමිසමෙන් පිටව ගියේය.
වසර 15කට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අදාළ ආයතනයක සිදුවූ වංචාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව මෙලෙස අල්ලස් කොමිසම හමුවට කැඳවා තිබෙන බව තොරතුරු වාර්තා වේ.