ඒකාබද්ධ රියදුරු සේවක සංගමයෙන් රතු එළියක්
පැය 08ක සේවා මුරය ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් 09ක් මුල් කර ගනිමින් අද රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා සමග සාකච්ඡාවකට එක් වන බව ඒකාබද්ධ රියදුරු සේවක සංගමය පවසයි.
එම සංගමයේ සභාපති යූ ඒ ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා පැවසුවේ 2016 වසරෙන් පසු බඳවා ගනු ලැබූ රාජ්‍ය සේවකයන් සඳහා අහිමි වී ඇති විශ්‍රාම වැටුප් ලබා ගැනීම පිළිබඳවද එහිදී සාකච්ඡා කරන බවයි.
වැඩි දුරටත් අදහස් දැක්වූ ඔහු,
''අද දින අපි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට යනවා. ඒ යන්නේ රාජ්‍ය සේවයේ රියදුරු ගැටළු ප්‍රමාණයක් තියනවා ඒවා සාකච්ජා කරගන්න . අපේ මූලික ගැටළුවක් තමයි ජාත්‍යන්තරය දිනා ගනු ලැබූ පැය 8 සේවා මුරය අපිට ලැබිලා නෑ. 2016 න් පසු බදවා ගනු ලැබූ රාජ්‍ය සේවකයන්ට විශ්‍රාම වැටුප් අහිමි වෙලා තියනවා. ඒ ඉල්ලීම් දෙකත් ඒ වගේම තවත් ඉල්ලිම් හතකුත් මෙ විදිහට ඉල්ලීම් කරන්න සූදානම්. ''
මෙම සාකච්ඡාව තුළින් විසඳුම් නොලැබෙන්නේ නම් ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තව දුරටත් අදහස් දැක්වූ ඔහු,
''මේ සදහා පිළිතුරු ලැබෙන්නේ නැතිනම් අපි රාජ්‍ය පරිපාලනය ළග උද්ඝෝෂණය කරන්නට සූදානම්. එවගේම රියදුරන් හත්දහසක පමණ අඩුපාඩුවක් පවතිනවා .මේ බදවා ගැනීම් නොකරන නිසා බොහෝ ගැටළු වලට මූණපාන්න සිදුවෙලා. එවගේම තවත් සංගම් අපිත් එක්ක මේ ක්‍රියාවලියට එකතුවෙලා ඉන්නවා.''
යනුවෙන් තම අදහස් ප්‍රකාශ කළේය.