උප්පැන්න සහතික පිටපත් සහ මෙම ලියවිලි රජයෙන් ලබා ගන්න එන අයට විශේෂ නිවේදනයක්
රජයේ ලංකා ගවර්න්මන්ට් ක්ලවුඩ් (LGC) පද්ධතියේ ඇති වූ බිඳ වැටීමක් නිසා රජයේ වැදගත් අන්තර්ජාල සේවාවන් රැසකට තාවකාලිකව බලපෑම් එල්ල වී තිබෙනවා.
මේ බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) මඟින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
ඒ අනුව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ උප්පැන්න, විවාහ සහ මරණ සහතික නිකුත් කිරීමේ පද්ධතිය, මෝටර් රථ දෙපාර්තමේන්තුවේ e-ආදායම් බලපත්‍ර පද්ධතිය (බස්නාහිර පළාත හැර), සහ පොලිස් නිෂ්කාශන සහතික පද්ධතිය ඇතුළු සේවාවන් රැසක් මේ හේතුවෙන් අඩාල වී ඇති බව පවසයි.
එමෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු තවත් ආයතන කිහිපයක වෙබ් අඩවිවලට ද මෙම තත්ත්වය බලපා තිබෙන බව අඳාළ ආයතනය සඳහන් කර තිබෙනවා.
කෙසේ වෙතත් අඩාල වූ ක්ලවුඩ් සේවාවන් කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට ICTA ආයතනයේ ඉංජිනේරුවන් සක්‍රීයව කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
එසේම මෙම තත්ත්වය නිසා ජනතාවට සිදුවන අපහසුතාවය පිළිබඳව ICTA කනගාටුව පළ කර ඇත. එබැවින් උප්පැන්න සහතික පිටපත් අවශ්‍ය අයට, මුල් සහතිකය නිකුත් කළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අත්පිටපතක් ලබාගත හැකි බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.
ඊට අමතරව ICTA වැඩිදුරටත් සඳහන් කළේ රජයේ ලංකා ගවර්න්මන්ට් ක්ලවුඩ් LGC හි ධාරිතා සීමාවන් ලිහිල් කරමින්, එහි ඊළඟ අදියරේ පුළුල් කිරීමේ කටයුතු මේ මාසයේදී ආරම්භ වී ඇති බවයි.