නව නියෝජ්‍ය අමාත්‍යවරු වැඩ භාරගනී
අද (13) පෙරවරුවේ මුදල් අමාත්‍යාංශයේදී මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් නිශාන්ත ජයවීර යන මහත්වරු තම ධුරවල වැඩ භාරගෙන තිබුණි.
එහිදී අමාත්‍ය ධුරයක් හිමි වීම වරප්‍රසාද හිමිවීමක් ලෙස අර්ථකථනය කිරීම ඉතිහාසයට එක් වූ අදහසක් බවත්, එය සැබැවින්ම වරප්‍රසාද හිමිවීමක් නොව වගකීමක් හිමිවීමක් බවත් මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේය.
එමෙන්ම ශ්‍රී ලංකාව බරපතළ ආර්ථික අර්බුදයකින් ගොඩ ගැනීම සඳහා සිය දායකත්වය ලබා දුන් නිලධාරින් රට තවදුරටත් ආර්ථික වශයෙන් ඉදිරියට රැගෙන යාම සඳහාද සහාය ලබා දෙනු ඇති බවට ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවිර මහතා විශ්වාසය පළ කළේය.
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු එම අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියේය.