භූගත උමං ඇතුළේ හිර කරපු ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් හැමෝම නිදහස්

Report

හමාස් සංවිධානය මඟින් පැහැරගෙන ගොස් වසර දෙකක් භූගත උමං තුළ රඳවා සිටි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ගෙන් ඉතිරි 13 දෙනා ද ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය ඔස්සේ ඊශ්‍රායල හමුදාව වෙත භාර දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව අද (13) දිනයේදී, ජිවත්ව සිටින ප්‍රාණ ඇපකරුවන් 20 දෙනාම ඊශ්‍රායල හමුදා භාරයට පත් වූ බව සඳහන්.

එසේම ඔවුන් වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කිරීමට ද නියමිතව ඇත.

ආයේ වාහන පදින ගමන් මේවා කරන්න බෑ

ආයේ වාහන පදින ගමන් මේවා කරන්න බෑ

මේ අතර හුවමාරුවක් වශයෙන් නිදහස් කිරීමට නියමිත පලස්තීන සිරකරුවන් 1,966 දෙනා ද ඊශ්‍රායල බන්ධනාගාරවල බස් රථවලට ගොඩ වී ඇති බව වාර්තා වේ.

එසේ වුවත් මෙම පිරිසට අමතරව පැහැර ගෙන හමාස් භාරයේ සිටි 39 දෙනා සම්බන්ධයෙන් කිසිඳු තොරතුරක් වාර්තා වී නැති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

2026 දී වාහන මිල අඩු වීමක්?

2026 දී වාහන මිල අඩු වීමක්?

ලංකාවට විරුද්ධව ඉන්දියාවෙ විරෝධතාවක්

ලංකාවට විරුද්ධව ඉන්දියාවෙ විරෝධතාවක්