ජනප්‍රිය නළු Pierce Brosnan විවාහයෙන් පසු තරබාරු වූ තම බිරිඳ වෙනුවෙන් ලෝකයා කී කතාවලට දුන් උත්තරය (PHOTOS)
Pierce Brosnan කියන්නේ ජනප්‍රිය වගේම කඩවසම් නළුවෙක්. 68වැනි වියේ පසු වුවත් ඔහුගේ රංගන දක්ෂතාවල නම් අඩුවක් නැහැ. ඒ නිසාම ඔහුට ලෝකයේ බොහෝ දෙනෙකුගෙන් ප්‍රතිචාර ලැබෙනවා. ඔහු Keely Shaye Smith නමැති 58 හැවිරිදි ඇමරිකානු ජනමාධ්‍යවේදිනියක් සමඟ විවාහ වෙන්නේ 2001 වර්ෂයේදී.
එවකට ඇයත් සුරූපිණියක්. මේ දෙදෙනාගේ එදා හා අද ඡායාරූපයක් මේ දිනවල සමාජ මාධ්‍යවල හුවමාරු වෙමින් එක එක ප්‍රතිචාර හුවමාරු වෙනවා. ඔය අතරේ ඊට හරි අපූරූ ප්‍රතිඋත්තරයක් ජනප්‍රිය නළු Pierce ලබා දී තිබෙනවා. ඒ
" මගේ ඇස් හමුවේ ලෝකයේ ලස්සනම කාන්තාව ඇයයි, ඇය මගේ දරුවන් 5 දෙනා ආදරයෙන් ඇති දැඩි කළා. අතීතයේදී, සේම දැනටත් ඇයට ආදරය කළේ ඇගේ පෞරුෂයට මිස ඇගේ සුන්දරත්වයට නෙමෙයි. දැන් මම ඇයට පෙරටත් වඩා ආදරෙයි. මම ඇය ගැන ගොඩක් ආඩම්බර වෙනවා, මම නිතරම උත්සාහ කරන්නේ ඇගේ ආදරය ලැබීමට සුදුසු කෙනෙක් වෙන්න..." යනුවෙනුයි.
ඔය අතරේ ඇතැමුන් කියන්නේ තමාගේ රූපයට නොව තමාගේ ගතිගුණ වලට ආදරය කරන මිනිසෙකු විවාහ කර ගැනීම වටින බවට මෙය හොද උදාහරණයක් බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |