හමුදා කඳවුරුක් ඉවත් කිරීමට එරෙහිව යාපනයේ විරෝධතාවයක්.(PHOTOS)

Police spokesman Sri Lanka Army Sri Lanka Police Sri Lanka
By Aruna Aug 14, 2023 05:19 AM GMT
Aruna

Aruna

Report

තට්කෝලම් ප්‍රදේශයේ ස්ථාපිතකර තිබු 4 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තු ඒකකයට අයත් යුද්ධ හමුදා කදවුර ඉදිරියේ දි ඉවත් කිරිමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

එම ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති එකම යුධ හමුදා කදවුර මෙලෙස ඉවත් කිරීම සම්බන්ධව ප්‍රදේශවාසින්ට සැලවීමත් සමග ප්‍රදේශයේ ජනතාව ඒ සදහා දැඩි විරෝධයක් පල කරමින් දින(14) දින උදෑසන උද්ඝෝෂන ව්‍යාපාරයක් සිදුකර ඇත.

මෙහිදී එම ස්ථානයට පැමිණ සිටි 4 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරීන්ට එම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින්ගේ අත්සනින් යුතුව ලිපියක් ලබාදෙමින් ප්‍රකාශ කර ඇත්තේ, මෙම කදවුර කෙසේ හෝ ඉවත් කිරිමේ කටයුතු නවතා දමන ලෙසයි.

තවද මෙලෙස උතුරේ යුද්ධ හමුදා කදවුරු ඉවත් කලහොත් තමන්ගේ ජීවිත වලට කිසිම ආරක්ෂාවක් නොමැති බව ඒ සදහා රැස්ව සිටි ජනතාව විසින් වැඩි දුරටත් ප්‍රකාශ කළා.

මෙලෙස හමුදා කඳවුරු උතුරේ දේශපාලඥයින්ගේ අවශ්‍යතාවය මත ඉවත් කිරීමට සූදානම් වන බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ.

මීට අදාල ඡායාරූපයන් පහතින් දැක්වේ.

කමේෂ් -යාපනය

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha