15 වෙනිදා රට පුරා සියලු පාසල් වැසෙයි ද?..අද වර්ජනය කරන අංශ මෙතනින් දැනගන්න..

Sri Lanka
By Aruna Mar 13, 2023 01:18 AM GMT
Aruna

Aruna

Report

ලබන 15 වනදා ගුරු- විදුහල්පති වර්ජනය ස්ථීරව පැවැත්වෙන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

ඒ අනුව දිවයින පුරා පාසල්වල සියලුම ගුරුවරු, විදුහල්පතිවරු, පිරිවෙන් ගුරුවරු, උපකෘත පාඨශාලා ගුරුවරු සහ ගුරු උපදේශකවරු එම වර්ජනයට එක්වන බවයි එම සන්ධානය ප්‍රකාශ කළේ.

වැඩිකළ බදු සහ ඉහළ බැංකු පොලී අනුපාත ඇතුළු කරුණු මුල්කරගනිමින් මේ මස 15 වනදා වෘත්තීය සමිති රැසක් වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීරණ වනවා.

ජල සම්පාදන හා ජලාපවාහන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ සම කැඳවුම්කරු උපාලි රත්නායක මහතා කොළඹ ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ, ජල සැපයුම අඩාල නොවන පරිදි සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දියත් කරන බවයි.

එමෙන්ම විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ උප සභාපති ධනුෂ්ක පරාක්‍රමසිංහ මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ, 15 වනදා ඔවුන්ද අසනීප නිවාඩු වාර්තාකරමින් වර්ජනයට සහාය පළකරන බවයි.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයද පසුගිය 09 වනදා සිට අධ්‍යයන කටයුතුවලින් බැහැර වූ අතර අනෙකුත් වෘත්තීය සමිති සමඟ එක්ව අද සිට වෘත්තීය ක්‍රියාමාර්ග දැඩිකිරීමට තීරණය කර තිබෙනවා.

15 වනදා ඒකාබද්ධ වර්ජනයට සමඟාමීව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයද අද දිනයේ බස්නාහිර, දකුණ, මධ්‍යම, නැගෙනහිර යන පළාත්වල වර්ජනයක් ක්‍රියාත්මක කරන බව එම සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කළා.

එමෙන්ම බැංකු සේවකයින්ද අද සිට කලු ඇදුමෙන් සැරසී සේවයට වාර්තා කිරීමට තීරණය කර ඇති බවයි ලංකා බැංකු සේවක සංගමය කියා සිටියේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. 
වැඩි විස්තර මෙතැනින් බලන්න.