වෘත්තීය සමිති 08 වැනිදා සිට අඛණ්ඩ වැඩ වර්ජනයකට සැරසෙයි?..

Sri Lanka SL Protest
By krishani Mar 03, 2023 03:52 AM GMT
krishani

krishani

Report

රාජ්‍ය, අර්ධ රාජ්‍ය ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිතිවල එකමුතුවෙන් මාර්තු 08 වැනිදා අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කිරීමට වෘත්තීය සමිති සූදානම් වෙමින් පවතියි. 

රාජ්‍ය, අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති එකමුතුව ඊයේ (02) දිනයේ දහවල් කෑම පැයේ දී සේවා ස්ථාන ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් දියත් කිරීමට ද කටයුතු කළේ ය.

මේ අතර ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය ද අනතුරු ඇඟවීමක් සිදුකළේ සිය ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් නොදැක්වුවහොත් ඉදිරියේ දී වර්ජනයකට එළැඹෙන බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join