සොරා ගත් ජංගම දුරකථන 61 ක් සමඟ 22 හැවිරිදි තරුණයා අල්ලයි..!
කටුගස්තොට පොලීසියේ අපරාධ විමර්ශණ අංශය මගින්, කටුගස්තොට නගරයේ පිහිටි ජංගම දුරකථන අලෙවි සැලක් පසු ගිය දිනක මහ රෑ බිඳ සොර ගත් බව කියන රුපියල් ලක්ෂ 28 ක් පමණ වටිනා ජංගම දුරකථන 61 ක් සමඟ 22 හැවරිදි තරුණයෙකු අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
පසුගිය දා පොලීසිය වෙත, කටුගස්තොට නගරයේ පිහිටි මෙම ජංගම දුරකථන අලෙවි සැල මහ රෑ කඩා එහි තිබූ රුපියල් ලක්ෂ 28 ක් පමණ වටිනා ජංගම දුරකථන තොගයත් සොකරම් කර ඇති බවට පැමිණිලක් ඉදිරිපත් කර තිබිණ.
පාපැදියකින් පැමිණි තරුණයෙකු මෙම සොරකම සිදු කර ඇති බවයි, මෙම පැමිණිල්ල විමර්ශණය කළ පොලීසිය සීසීටීවී දර්ශණද පරීක්ෂා කිරීමෙන් පසුව සොයා ගෙන ඇත්තේ.
මෙම පැමිණිල්ල අනුව විමර්ශණය සිදු කරමින් සිටියදී පසුගිය හතරවන දින අළුයම කටුගස්තොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.සී. රාජපක්ෂ මහතා ඇතුළු නිලධාරින් පිරිසක් සංචාරයේ යද්දී පාපැදියකින් පැමිණෙන තරුණයෙකු දැක ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම සොරකමේ සුල සුල හෙළි වී තිබේ.
ඒ අනුව කටුගස්තොට දොරගමුව ප්‍රදේශයේ පිහිටි 22 හැවිරිදි අදාළ සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී එහි තිබූ ජංගම දුරකථන 61 ක් පොලීසිය මගින් සොයා ගෙන තිබේ. මෙම ජංගම දුරකථන කටුගස්තොට නගරයේ ජංගම දුරකථන අලෙවිසැල බිඳ සොරා ගත් ජංගහ දුරකථන බව පොලීසිය විසින් හෙළි කරන ගෙන තිබේ.
අත් අඩංගුවට ගත් සැකකරු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.
කටුගස්තොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.සී. රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයසිංහ මහතා සමඟ පොලිස් පරීක්ෂක වීරකෝන් , සැරයන් 26037 අතපත්තු , 43621 ඒකනායක පොකො 11765 සෙනරත් , 74604 ඉලංචෙලියන් යන මහත්වරුන් වැඩි දුර විමර්ශණ සිදු කළහ.
