බලාපොරොත්තුවෙන් සිටි දෙයක් අද දිවයිනට..?
ශ්‍රී ලංකාව විසින් මිලදී ගත් තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 305,370 ක් අද (25) අලුයම මෙරටට රැගෙන විත් තිබෙනවා.
ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී නීතීඥ දිනූෂ දසනායක සඳහන් කළේ අද අලුයම දිවයිනට රැගෙන එනු ලැබූ ෆයිසර් එන්නත් තොගයත් සමඟ ශ්‍රී ලංකාව මිලදී ගත් ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන දෙකක් මෙරටට ලැබී ඇති බවයි.
මේ අතර නව ආසාදිතයන් 555 දෙනෙකු ඊයේ හදුනාගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතන් සංඛ්‍යාව පන්ලක්ෂ 36,084 ක් ලෙස ඉහළ ගියා.
මේ අතර ඊයේ වාර්තාවූ නව ආසාදිතයන් 555 දෙනාම අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වනවා. ඒ අනුව මෙරට සක්‍රිය ආසදිතයන් සංඛ්‍යාව 19,085 ක්.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා සිදුවූ බවට ඊයේ (24) තහවුරු කරන ලද නව මරණ 18 ක් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 13,611 ක් දක්වා ඉහළ ගියා. එමෙන්ම මෙරට සුවය ලැබූ මුළු සංඛ්‍යාව 503,388 ක්.
ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න. |