දිවයින පුරා පෙට්‍රල් නිකුත් කිරීම ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්..

Ceylon Petroleum Corporation Sri Lanka Kanchana Wijesekera
By Aruna Jun 20, 2022 06:32 AM GMT
Aruna

Aruna

Report

අත්‍යවශ්‍ය සේවා නොවන්නේ නම්, ලබන 23 වැනිදා දක්වා පෙට්‍රල් පෝලිම්වලට නොයෙන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ලබන 23 වැනිදා පෙට්‍රල් නැවක් ලබා ගැනීමට සහ ලබන 24 වැනිදා ඩීසල් නෞකාවක් ලබා ගැනීමටත් ඩොලර් මිලියන 90 ක ණයවර ලිපි විවෘත කර ඇති බවයි ඔහු කියා සිටියේ.

මේ අතර රට තුළ ප්‍රමාණවත් ඩීසල් සංචිත තවදුරටත් පවතින බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

පෙට්‍රල්වල යම් හිඟයක් පැවතීම හේතුවෙන් දිවයින පුරා පෙට්‍රල් නිකුත් කිරීම යම් සීමාවන්ට යටත්ව සිදුකරන බවයි සංස්ථාව පැවසුවේ.

කෙසේ වෙතත් දිවයිනේ සෑම ඉන්ධන පිරවුම්හලක් ඉදිරිපිටම ජනතාව මේ වන විට දිගු පෝලීම් රැඳී සිටිනු තවමත් දක්නට හැකියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now