දෙවෙනි විවාහ සංවත්සරය සමරන පේෂල සංවේදී සටහනක් සමග එක් කළ පවුලේ ඡායාරූප පෙළ..(PHOTOS)
අපේ රටේ කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය ශිල්පීන් කළා යුවලක් තමයි පේෂල මනෝජ් වගේම ඔහුගේ ආදරණීය බිරිඳ පූර්නිකා පීරිස් කියලා කියන්නේ. ඉතින් නිතරම කාගේත් කතා බහට ලක්වෙන දක්ෂ ජනප්‍රිය නිවේදන ශිල්පියෙක්, ගායන ශිල්පියෙක් වගේම ප්‍රවීණ තබ්ලා වාදකයෙක් තමයි පේෂල.
ඉතින් ඒ වගේම ඔහු ගැන සමාජ මාධ්‍ය තුල වැඩිපුරම කතා බහට ලක්වන්නේ ඔහු විනෝදෙන් අපූරුවට දෙරණ චැම්පියන් ස්ටාර් වැඩසටහන මෙහෙයවන ආකාරය නිසයි. ඉතින් ඒ වගේම අපි හැමෝම ආදරය කරන පේෂල මනෝජ් මීට ටික කාලෙකට කලින් දක්ෂ ජනප්‍රිය නිවේදිකාවක් වන පූර්නිකා පීරිස් සමඟ යුග දිවියට එලඹුන බව මේ වනවිට අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ.
ඉතින් මේ පූර්ණිකා පිරිස් කියලා කියන්නෙත් අපේ රටේ කවුරුත් ආදරය කරන දෙරණ නාලිකාව හරහා නිතරම දකින්න ලැබෙන දක්ෂ ජනප්‍රිය නිවේදන ශිල්පිනියක්. ඉතින් මේ ආදරණීය කළා යුවල පහුගිය කාලයේ උතුම් මව් පිය පදවිය ලබපු පුවතත් අපේ රටේ කාටත් රහසක් නම් නෙමෙයි. ඉතින් මේ දෙන්නට මව් පිය පදවිය උරුම කරමින් පුංචි පුත් කුමාරයෙක් තමයි මේ ලෝකෙට ඉපදුනේ.
කොහොම නමුත් අද දිනයේදී මේ ආදරණීය යුවලගේ දෙවෙනි විවාහ සංවත්සරය යෙදිලා තියනවා. ඉතින් මේ ආදරණීය සුන්දර අවස්ථාව සමරමින් පේෂල මනෝජ් ආදරණීය කතාවක් ඔහුගේ සමාජ මාධ්‍ය ජාලා ගිණුම් වලට එකතු කරලා තියනවා අපට දැකගන්න ලැබුණා.
ඉතින් එහිදී පේෂල පවසලා තිබුනේ මෙන්න මේ වගේ කතාවක්. අද අපේ දෙවෙනි විවාහ සංවත්සරය. මගේ හැමදේකදිම මගේ පිටිපස්සෙන් ඉඳගෙන මට හැම දේකටම සහයෝගය ලබාදෙන මගේ ආදරණීය බිරිඳ පූර්නිකා ඔබට Happy Anniversary දීර්ඝායුෂ ලැබේවා කියලයි බොහොම ආදරයෙන් සඳහන් කරලා තිබුනේ.
ඉතින් ඒත් එක්කම මේ ආදරණීය සුන්දර කැදැල්ලේ අලුත්ම ඡායාරූප කිහිපයකුත් ඔහු සමාජ මාධ්‍ය ගිණුම් වලට එකතු කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් මේ ආදරණීය යුවලගේ දෙවෙනි විවාහ සංවත්සරයට අපිත් හදවතින්ම සුබ පතන ගමන් මේ ආදරණීය කැදැල්ලට හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු.
ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න |