මෙරට ප්‍රධාන රාජ්‍ය කාර්යාලයක් ආරම්භ කරන දිනය දැනුම් දේ..

By Sewvandhi Sep 30, 2021 09:49 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඔක්තෝම්බර් 4 වනදා සිට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය ඇතුළු සියලුම පළාත් කාර්යාලයන් ආරම්භ කරන බව දැනුම්දීමක් කර තිබෙනවා.

කෙසේ නමුත් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක් දින සේවාව තවදුරටත් ක්‍රියාත්මක නොවන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කළේ.

ඒ අනුව ජාතික හැඳුනුම්පත් ලබාගැනීම සඳහා වන ඉල්ලුම්පත්, ග්‍රාම නිලධාරීන් මඟින් සහතික කළ පසු අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිහිටුවා ඇති පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලය වෙත භාර දිය යුතු වනවා.

මේ අතර, හෙට (01) දිනයේ සිට නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කළත් පළාත් අතර සංචරණය කිසිසේත් ම ඉවත් නොකරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එමෙන්ම අනෙකුත් පනවන ලබන සීමාවන් පිළිබඳව අද (30) දිනය තුළ දී ජනතාවට දැනුම්දීමට කටයුතු කරන බව ද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

හෙට දිනයේ දී නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කළත් ආසාදිතයින් පිරිසක් තවමත් හමුවන බැවින් ජනතාව බුද්ධිමත්ව කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද යුද හමුදාපතිවරයා පැවසිය. කොල්ලුපිටියේ ජුම්මා මුස්ලිම් පල්ලියේ පැවති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියාසිටියේය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha