ගසක් යට නිදා සිටි පුද්ගලයකුට වලස් ප්‍රහාරයක්.

Sri Lanka Hospitals in Sri Lanka
By Wayomi Aug 26, 2023 06:18 PM GMT
Wayomi

Wayomi

Report

යාල රක්ෂිතයේ අතුරු මිතුරු වැව ප්‍රදේශයේ මී කැඩීම සඳහා ගොස් ගසක් යට නිදා සිටි පුද්ගලයකුට වලසෙකු පහර දුන් පුවතක් අද (26) වාර්තා වුණා.

එම පහරකෑමෙන් තුවාල ලැබූ පුද්ගලයා මොණරාගල සිරිගල මහ රෝහලට ඇතුළත් කර ඇති අතර මෙලෙස තුවාල ලබා ඇත්තේ මයිලගම, කතරගම පදිංචි පුද්ගලයෙක්.

එහිදී වලසා සපාකෑමෙන් තුවාලකරුගේ හිස, අත, කකුල හා බඩ ප්‍රදේශයට තුවාල සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.       

ReeCha