රු. කෝටි 90ක අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
පොලිස් විශේෂ කාර්ය බළකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව, නිට්ටඹුව අරලිය පටුමග, පින්නගොල්ල වත්ත ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 61.838 (61 kg 838 g) සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම මත්ද්‍රව්‍ය ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවාගෙන් සොයා ගත් බවත්, එහි වෙළඳපොළ වටිනාකම රුපියල් කෝටි 90කට අධික බවත් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු පවසනවා.
මෙය 2026 වසරේ මුල්ම දිනවලදීම සිදු වූ විශාල මත්ද්‍රව්‍ය වැටලීම්වලින් එකක් ලෙස සැලකෙනවා.
සැකකරු සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට අනාවරණ වී තිබෙනවා. ඔහු දැනට විදේශගතව සිටින ඩුබායි පදනම් කරගත් වරුණ සහ මොහොමඩ් සිද්ධික් යන දැඩි මත්ද්‍රව්‍ය ජාලකරුවන්ගේ සමීපතමයෙකු බවත්, දැනට බන්ධනාගාරගතව සිටින දිලිඳු සංජීව (අන්වර්ථ නාමය "ලේනා") යන සැකකරුගේ සම්බන්ධතාවත් හෙළි වී තිබෙනවා.
මෙම අත්අඩංගුවට ගැනීමත් සමඟ මත්ද්‍රව්‍ය ජාලයේ තවත් සාමාජිකයින් හඳුනාගැනීමට හා වැඩිදුර විමර්ශන සිදු කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකාය කටයුතු යොදා ඇති බවයි වාර්තා වන්නේ.