පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි
අද (21) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කර තිබේ.
ඒ, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.
පෙ. ව 9.30 පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත.
තවද පෙ.ව 10.00 – පෙ.ව 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.
ඉන්පසු පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර ඇති බව වාර්තා වෙයි .
අනතුරුව පෙ.ව 11.30 ට දිට්වා සුලි කුණාටුවට මුහුණ දීම සඳහා පූර්ව සූදානමක් නොමැත් වීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් සිදු කර වාර්තා කිරීමටත්, ඒ පිළිබඳ සිය යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වන විශේෂ කාරක සභාව පත් කිරීමේ යෝජනා සම්මතය අනුමතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
අනතුරුව පෙ.ව 11.30 සිට ප.ව 5.30 දක්වා දිට්වා සුලි කුණාටුවෙන් පසු රටේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳ විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබේ.
එහි සජීව විකාශය ඉහතින්