බුදුදහම ආරක්ෂාව පිළිබඳ රනිල්හෙන් ආණ්ඩුවට දැඩි ප්‍රකාශයක්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ල ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට එක්වෙමින් අද (21) සිදු කළ ප්‍රකාශයකදී බුදුදහම සුරක්ෂිත කිරීම සඳහා රටේ වත්මන් පාලකයින් බැඳී සිටින බව අවධාරණය කළා.
විදේශ පාලන කාලය තුළ පවා බුදුදහම ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාමාර්ග ගෙන තිබූ පසුබිමක වත්මන් පාලකයින්ට ඉන් මිදිය නොහැකි බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
ගාල්ල ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළකළේය.
අපි බඩී දැම්මත් බුඩී දැම්මත් අධ්‍යාපන ප්‍රතිසංස්කර ගේනවමයි.. නූගත් විපක්ෂේ ඉස්කෝලේ යවන්න වෙලා - වසන්ත
එහිදී වැඩිදුර අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා,
"විහාර දේවාලගම් පනත සම්මත කරලා තියෙනවා. ඒකෙ විහාරවලට අයිති දේවල් විහාරවලට. දේවාලවලට අයිති දේවල් දේවාලවලට අයිතියි. අපි දෙන රත්තරන් බඩු සියල්ලම අයිති වෙන්නේ දේවාලවලට නැත්තන් විහාරවලට. ඒවාට අතගහන්න ගිහින් රටට මොකක් වෙයිද කියලා මම දන්නේ නෑ"
"1815 එංගලන්තේ තුන්වෙනි ජෝජ් රජතුමා භාරගත්තා බුද්ධාගම ආරක්ෂා කරන්න"
"හැම පක්ෂයකම යුතුකමක් තියෙනවා මේක අරගෙන සංඝයාවහන්සේලා එක්ක එකතු වෙලා මේක ආරක්ෂා කරන්න"