අද අවම උෂ්ණත්වය නුවරඑළියට
අද (21) දින අලුයම් කාලයේදී දිවයිනේ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 7.4ක් ලෙස නුවරඑළිය කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කර ඇත.
එමෙන්ම බණ්ඩාරවෙල ප්‍රදේශයේ අද අලුයම සටහන් වූ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 11.5ක් බවද, බදුල්ල ප්‍රදේශයේ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 15.2ක් ලෙස වාර්තා වී තිබෙන බව සදහන් කරයි.
තවද මහඉලුප්පල්ලම ප්‍රදේශයෙන් අද අලුයම වාර්තා වූ අවම උෂ්ණත්වය 17.4ක් ලෙස සටහන් වූ බව වාර්තා වේ .
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේ අනුරාධපුරය ප්‍රදේශයෙන් අද අලුයම වාර්තා වූ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 18.6ක් බවයි.
ඒ වගේම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය දත්ත ලබාගන්නා මධ්‍යස්ථානවලින් වාර්තා වූ අවම උෂ්ණත්ව අගයන් සෙල්සියස් අංශකවලින් සිතියමක දැක්වෙන බවද වාර්තා වේ.