ඩාවෝස් සමුළුවේදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හා ADB සභාපති අතර ඉහළ මට්ටමේ හමුවක්

Report

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති හා අධ්‍යක්ෂ මණ්ඩල සභාපති මසාටෝ කන්දා (Masato Kanda) මහතා අතර වැදගත් හමුවක් සිදුව තිබේ.

මෙම හමුව ස්විට්සර්ලන්තයේ ඩාවෝස්-ක්ලෝස්ටර්ස් හි පැවැත්වෙන 2026 ලෝක ආර්ථික සංසදය (World Economic Forum Annual Meeting) මධ්‍යස්ථානයේදී ජනවාරි 20 වැනිදා සිදු වූ බවයි වාර්තා වන්නේ. WEF කොංග්‍රස් මධ්‍යස්ථානයේදී පැවති මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ අඛණ්ඩ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය, රටේ වර්තමාන ආර්ථික තත්ත්වය, සංවර්ධන ප්‍රමුඛතාවන් සහ ශ්‍රී ලංකාව-ADB සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම ඇතුළු කරුණු කිහිපයක් සාකච්ඡා කර තිබේ.

හදිසි අනතුරු ඇඟවීමක් - ශීත කාලගුණයත් එක්ක අලුත්ම වෛරස් රෝගයක්..

හදිසි අනතුරු ඇඟවීමක් - ශීත කාලගුණයත් එක්ක අලුත්ම වෛරස් රෝගයක්..

අග්‍රාමාත්‍යවරිය ජනවාරි 19 වැනිදා සවස ශ්‍රී ලංකාවෙන් පිටත් වී ස්විට්සර්ලන්තය බලා ගිය අතර, එහිදී "A Spirit of Dialogue" (සංවාදයේ ආත්මයක්) යන තේමාව යටතේ පැවැත්වෙන මෙම 56 වැනි වාර්ෂික රැස්වීමට සහභාගී වෙයි. මෙහිදී රාජ්‍ය නායකයින්, රජයේ නායකයින්, බහුජාතික සමාගම්වල CEOලා, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ තාක්ෂණ නවෝත්පාදකයින් ඇතුළු ගෝලීය නායකයින් 3,000කට අධික පිරිසක් එක්වෙයි.

මෙම සංචාරය අතරතුර අග්‍රාමාත්‍යවරිය ඉහළ මට්ටමේ ද්විපාර්ශ්වික හමු කිහිපයක් පැවැත්වීමට නියමිතයි – එයින් එකක්ම මෙම ADB සභාපති සමඟින් සිදු වූ හමුවයි. මෙමගින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ, ආයෝජන ආකර්ෂණය සහ ජාත්‍යන්තර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වේ.

ලබන 23 සිට රටේ කාලගුණයේ වෙනසක්

ලබන 23 සිට රටේ කාලගුණයේ වෙනසක්

වෙබ් සයිට් එක අදාළ නෑ කව්රුහරි ඒක කරානම් පන්නලා දාන්න - විපක්ෂයෙන් මොඩියුලයට කැමතියිලු

වෙබ් සයිට් එක අදාළ නෑ කව්රුහරි ඒක කරානම් පන්නලා දාන්න - විපක්ෂයෙන් මොඩියුලයට කැමතියිලු