පාස්කු ප්‍රහාරයේ වරදකරුවන්ට දඩුවම් දෙනවා – ජනපති
President
By Thaya
පාස්කු ඉරිදා ප්‍රහාරයට වග කිව යුත්තන්ට දඩුවම් දීමේ වගකීම නිසි පරිදි ඉටු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. පැවති රජයේ දුර්වල ආරක්ෂක වැඩපිිළිවෙල පාස්කු ප්‍රහාරයට හේතුව බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. ඔහු මෙම අදහස් පළ කලේ ගම සමග පිළිසදරක් වැඩසටහනට අද කුරුණැගල ගිරිබාව ප්‍රදේශයේදි එක්වෙමින්. රහස් පොලිසිය හා ත්‍රස්ත්‍ර විමර්ශණ කොට්ඨාශයද පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අඛන්ඩව පරීක්ෂණ මෙහෙයවන බවයි ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේ.