රජයේ නිලධාරීන්ට පර්මිට් වලට වාහන නෑ.. - ගන්න විදිහ ගැන ජනපති අනුරගෙන් ප්‍රකාශයක්..
මින් පසු වාහන ආනයනයේදී තීරු බදු රහිත බලපත්‍රවලට අවස්ථාව නොලැබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.
ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, වාහන තීරු බදු රහිත ලෙස දැනටමත් විසි දහසක් පමණ ඉල්ලුම් කර ඇති නමුත් වාහන ආනයනයේදී එම අවස්ථාව ලබා නොදෙන බවයි.
එමෙන්ම ලබන මස වාහන ආනයනය ආරම්භයේදී වාහන මිල ඉහළ යනු ඇති බවද ඔහු පෙන්වා දී තිබෙනවා.
වසර පහක් වාහන ආනයනය නතර කොට තිබූ අතර 2018 වසරේ වාහන ආනයනය කිරීම සඳහා ඩොලර් බිලියන 2කට ආසන්න මුදලක් ද 2019 වසරේ ඩොලර් බිලියන 1.4ක් ද වැය කොට ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දුන් අතර,
ඩොලරය එකසිය අනූවට තිබෙන විට ආනයනය කළ වාහන ඩොලරය තුන්සියයට ආසන්න මොහොතේ 40%කින් පමණ මිල වැඩි වීමක් සිදුවනු ඇති බවද සඳහන් කළා.
මේ අතර මහ බැංකුව සමග කොපමණ ඩොලර් ප්‍රමාණයක් වෙන් කළ හැකි ද යන්න සාකච්ඡා කර ඇති අතර එම ඩොලර් වාහන වෙළෙඳපොළ විවෘත කරන විට එනම් පෙබරවාරි මාසයේ එම වාහන සියල්ල ආනයනය කිරීමට කටයුතු කළහොත් ඩොලරයේ ද විශාල තෙරපුමක් ඇති විය හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.
ඒ, හේතුවෙන් ආරම්භයේදී වාහන මිල ඉහළ යනු ඇති බව ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම කරුණු සඳහන් කර ඇත්තේ,රූපවාහිනි සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.
You may like this video