ඉතිහාසයේ පළමු වරට කොටස් වෙළෙඳපොළ ඒකක ගණන ගිය දුරක්.
By Wayomi
ඉතිහාසයේ පළමු වරට කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 17,000 සීමාවට පැමිණීමට අද (23) දින ගනුදෙනු අතරවාරයේ දී සමත්විය.
අද පස්වරු 12.28ට පමණ ඒකක 17,000 මට්ටම ස්පර්ශ කිරීමට සියලු කොටස් මිල දර්ශකයට හැකියාව ලැබී ඇත.
මේ අතර අද (23) දින ගනුදෙනු අතරවාරයේ දී පස්වරු 12.55 පමණ වන විට එහි අගය ඒකක 17,003.79 ක් ලෙසින් වාර්තා වී තිබුණු අතර ඒ වන විට රු. බිලියන 6.76ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී තිබෙනවා.
You may like this video