ප්‍රමිතියෙන් තොරයි කියූ ලිට්රෝ ගෑස් නැවක් ගොඩ බෑමට අවසර..?
ප්‍රමිතියෙන් තොර බව කියූ ලිට්රෝ ගෑස් නෞකා 2න් එක් නෞකාවකට ගොස් ඊයේ සිදු කළ පරීක්ෂණ වලින් පසු එහි ගැටලුවක් නොමැතිවීම නිසා එම නෞකාවේ ගෑස් මුදාහැරීමට පියවර ගත් බව තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම් ජයන්ත ද සිල්වා ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ අදාළ කටයුතු සම්බන්ධීකරණය සඳහා ජනාධිපතිවරයා විසින් ඊයේ දිනයේ තමන් පත් කළ බවයි. ඒ අනුව අදාළ නෞකාවටම ගොස් නෞකාවේදීම පරීක්ෂණ සිදු කර එය මුදාහැරීමට පියවර ගත් බව ඔහු කියා සිටියා.
මේ අතර ගෑස් සම්බන්ධ අර්බුදය පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් එළැඹෙන අඟහරුවාදා විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
එම සාකච්ඡාව සඳහා විෂය භාර අමාත්‍යවරුන් මෙන්ම ගෑස් සමාගම් ප්‍රධානීන්ද සහභාගිවීමට නියමිතව ඇති අතර, එහිදී තීරණ රැසක් ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.
මේ අතර, මෙරට අලෙවි කෙරෙන ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක අන්තර්ගත විය යුතු ප්‍රොපේන් සංයුතිය සියයට 30ක් විය යුතු බවට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය තීරණය කල අතර ඊට අනුකූල ගෘහස්ථ ගෑස් සිලින්ඩර පමණක් මින් පසුව වෙළඳපොළට මුදාහැරීමට පියවර ගන්නා ලෙසයි අභියාචනාධිකරණය ඊයේ ලිට්රෝ සහ ලාෆ් ගෑස් සමාගම් දෙකට නියෝග කළේ.
ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය වෙනුවෙන් පෙනී සිටී රජයේ නීතිඥ මනෝහර ජයසිංහ අධිකරණය හමුවේ කරුණු දක්වමින් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක සංයුතිය තීරණය කිරීම සඳහා විශේෂ රැස්වීමක් අනිද්දා පැවැත්වීමට නියමිතව තිබුණ ද එම රැස්වීම පෙරේදා දිනයේ පැවති බව සඳහන් කළා.
එම රැස්වීමේදී ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක අන්තර්ගත විය යුතු ”ප්‍රොපේන්” සංයුතිය සියයට 30 ක් විය යුතු බවට තීන්දු කළ බවද රජයේ නීතිඥවරයා දැනුම් දුන්නා.
කෙසේවෙතත් මීට පෙර පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කළේ ගෑස් නෙවෟකා 2හිම ගැටලුකාරී තත්වයක් පවතින බවයි.
පළමුවෙන් පැමිණි ගෑස් නැව මුදා නොහරින ලෙස පාරිභෝගික අධිකාරිය ඍජුවම දන්වා තිබුණා. එවන් තත්වයක් තුලයි යළි එක් ගෑස් නැවක් ගැටලුකාරී නොවන බව පවසා එහි ගෑස් තොග මුදා හැරීමට මෙලෙස තීරණය කර ඇත්තේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |