යම් පොලිස් ස්ථාන ප්‍රමාණයක් වහන්න සුදානම්? - විශේෂ හෙළිදරව්වක්

Report

රට තුළ දැනට ස්ථාපිත කර ඇති පොලිස් ස්ථාන සංඛ්‍යාව අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉහළ මට්ටමක පවතින බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (2026 මැයි 12) ප්‍රකාශ කළේය.

කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ පවතින පොලිස් ස්ථාන ප්‍රමාණය අධික බැවින් ඉන් යම් ප්‍රමාණයක් වසා දැමීම පිළිබඳව ද රජයේ අවධානය යොමු වී ඇති බවයි.

බංග්ලාදේශයේ හිස ඔසවන භයානක රෝගයක් - සැකකටයුතු මරණ වල ඉහළ යෑමක්

බංග්ලාදේශයේ හිස ඔසවන භයානක රෝගයක් - සැකකටයුතු මරණ වල ඉහළ යෑමක්

මෙම සාකච්ඡාව මතු වූයේ ස්වාභාවික ව්‍යසනයක් හේතුවෙන් හානියට පත්වූ බෝයවලාන පොලිස් ස්ථානය සඳහා විකල්ප ඉඩමක අවශ්‍යතාව පිළිබඳව නිලධාරීන් කරුණු පෙන්වා දීමත් සමඟය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, සෑම කුඩා ප්‍රදේශයකටම පොලිස් ස්ථාන පිහිටුවීම වෙනුවට පවතින සම්පත් විධිමත්ව කළමනාකරණය කරමින් කාර්යක්ෂම පොලිස් සේවාවක් පවත්වාගෙන යාමේ වැදගත්කම අවධාරණය කළේය.

එනපොටනම් හොද නෑ - තලපති විජේගෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව ගැන ලිපියක් - රාජ්‍ය තාන්ත්‍රික පීඩනයක්

එනපොටනම් හොද නෑ - තලපති විජේගෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව ගැන ලිපියක් - රාජ්‍ය තාන්ත්‍රික පීඩනයක්

අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයත් සමඟ ඉදිරියේදී පොලිස් ස්ථාන ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

විශේෂයෙන්ම නුදුරු නුදුරින් පිහිටි පොලිස් ස්ථාන ඒකාබද්ධ කිරීම හරහා පොලිස් නිලධාරීන්ගේ හිඟයට පිළියම් සෙවීමටත්, නඩත්තු වියදම් අවම කර ගැනීමටත් මහජන ආරක්ෂක අමාත්‍යාංශය බලාපොරොත්තු වන බව වාර්තා වේ.