රජයේ සේවය කළ මේ නිලධාරින්ට මෙතෙක් අහපු සුබම පණිවිඩය මෙන්න

Report

රාජ්‍ය සේවය, පළාත් රාජ්‍ය සේවය මෙන්ම රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවල තාවකාලික, අනියම්, ආදේශක සහ කොන්ත්‍රාක් පදනම මත සේවය කරන සේවකයින් 9,800කට ආසන්න පිරිසකට ස්ථිර පත්වීම් ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

2026 අයවැය යෝජනා අංක 33.11 මඟින් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ මෙම වැඩපිළිවෙළට අනුව, අදාළ සේවකයින් ස්ථිර කිරීමේ විධිවිධාන ඇතුළත් නිල චක්‍රලේඛය නිකුත් කිරීමට මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට මෙලෙස අනුමැතිය ලැබී ඇත.

රන් ආයෝජකයින්ට විශේෂ දැනුම්දීමක් - නව මිල ගණන් මෙන්න

රන් ආයෝජකයින්ට විශේෂ දැනුම්දීමක් - නව මිල ගණන් මෙන්න

වසර ගණනාවක් සහන පදනම මත සේවය කළ සේවකයින්ගේ වෘත්තීය සුරක්ෂිතතාව තහවුරු කෙරෙන මෙම පියවර, රාජ්‍ය යාන්ත්‍රණයේ තීරණාත්මක තීරණයක් ලෙස සැලකේ.

නැවතත් දරුණු රෝගයක් හිස ඔසවයි - කොළඹ අවටින් රෝගීන් රැසක්

නැවතත් දරුණු රෝගයක් හිස ඔසවයි - කොළඹ අවටින් රෝගීන් රැසක්