පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති රිමාන්ඩ්..!

Report

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති අනුරාධ විදානගේ රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අනුරාධ විදානගේ අද (30) මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට පහරදී නිල නිවසට අලාභාහානි කිරීමේ සිද්ධියට අදාළව ඊයේ පස්වරුවේ මහනුවර නගරයේ දී ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now