ප්‍රධාන මාර්ගයක් අවදානම් මාර්ගයක් ලෙස නම් කරයි... ජනතාවට සැලකිලිමත් වෙන්නයි දැනුම්දෙයි...

Report

මහනුවර, පේරාදෙණිය ගුහාගොඩ හරහා කටුගස්තොට මාර්ගය දැඩි අවදානම් මාර්ගයක් බවට NBRO නම් කර තිබෙනවා.

එබැවින් වර්ෂාව සහිත අවස්තවන්හිදි මෙම මර්ගය භාවිතා කිරීමේදි දැඩි සැලකිල්ලෙන් භාවිතා කරන ලෙසයි බවත් ආපදා කලමණාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ.

ප්‍රධාන මාර්ගයක් අවදානම් මාර්ගයක් ලෙස නම් කරයි... ජනතාවට සැලකිලිමත් වෙන්නයි දැනුම්දෙයි... | Peradeniya Katugasthita Road Warning

මේ අතර, ඉන්දියාවේ ජාතික මහාමාර්ග අධිකාරිය (NHAI) විසින් උමං මාර්ගවල ආරක්ෂිත විගණනයක් සිදු කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉදිකිරීම්වලදී ආරක්ෂාව සහ ඉහළම ගුණාත්මක ප්‍රමිතීන් පිළිපැදීම සහතික කිරීම සඳහා, NHAI විසින් රට පුරා ඉදිවෙමින් පවතින උමං මාර්ග 29 හි ආරක්ෂිත විගණනය සිදු කරන බවයි ඉන්දීය රජය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

මෙම විගණනය කිරීම්වලට හිමාලයානු ප්‍රාන්තයේ හිමාචල් ප්‍රදේශ්හි උමං මාර්ග 12 ක්, ජම්මු සහ කාශ්මීර් කලාපයේ 6ක් සහ ඉතිරිය උත්තරකාන්ද් ඇතුළු අනෙකුත් ප්‍රාන්තවල ඇතුළත් බව වාර්තා වනවා.

NHAI නිලධාරීන් සහ Metro Rail Corporationහි අනෙකුත් නිලධාරීන් සතියක් ඇතුළත පරීක්ෂණ පවත්වා වාර්තාවක් ඉදිරිපත් කිරීමට විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.